Friday, March 9, 2012

බර්නාඩාගේ සිපිරිගෙය

ඇය උදුම්මාගත් සිත් ඇත්තියකි. වැඩවසම් සමාජරටාව තුල ශේෂවී ගිය රදළ පෙළ පතක පුහු අහිමානය හිසමතින් ගෙන කල්ගෙවන බර්නාඩා....!
ඇය සිය දූවරුන් කෙරෙහි දක්වන්නේද අනෙකක් නොවේ.
සීමාව ඉක්ම ගිය ඒකමතික පාලනය....!
සිය නිවසේ බිත්ති බර්නාඩාගේ දුවරුන් කායිව පිරිමින්ගෙන් ඇත්කලත් සිතින්නම් උන් ගෙදර  ජීවත් වුවන් නොවේ..සීමාව ඉක්මවා ගිය මවගේ බලපැම ඔවුන්ගේ සිත්වලසිත්වල පිරිමින් කෙරෙහි අසීමිත ආශාවකටත් විවාහය පිළිබද සැබෑ නොවන සිහින තුලටත් උන් ඇද දැමීමකි.   සම්මත ගැහැනු චරිත වල ඇති සචල බව ඔබ්බවාගිය, සිය රාගික හැගීම් අහිමි වනසේ කොටුකර තබන තරුණ සහ මැදිවිය ඉක්ම වූ බර්නාඩාගේ දුවරු ජීවිත සොයා  යාම හා ඔවුන් ගේ විලාපය....!



 ප්‍රියන්ත සිරිකුමාර විසින් අධ්‍යක්ෂණයක් වන බෙර්නාඩාගේ සිපිරිගෙය ස්පාඤ්ඤය  ජාතික නාට්‍ය ශිල්පි  ගර්ශියා ලෝකා 1936 දී ලියා දමන ලද  The House of Bernarda Alba   නාට්‍යයේ පරිවර්ථනයයි. නාට්‍ය රචනය නිම වීමෙන් මාස දෙකකට පසු ලෝකා ස්පාඤ්ඤය සිවිල් යුද්ධයේ දී මරණයට පත්වීම නිර්මාණයේ වටිනාකම ත්‍රිවුර කිරීමක් දොයි සිතේ...

විශාල කාන්තා චරිත ප්‍රමාණ්යක් යොදාගන්නා නමුත් වේදිකාව මත පිරිමි චරිත යොදා නොගැනීම රංගයේ ප්‍රධාන අවධාරනයක් වන කාමුක අවපීඩන මානසිකත්වය ත්‍රිව්‍රර කරන්නකි. ප්‍රධාන පිරිමි චරිතය වන පෙපේ එල් රොමානො පවා බෙර්නාඩාගේ දුවරුන්ගේ කාමරවල ජනෙල් කවුලුවෙන් එපිටට සීමා කිරීම ප්‍රේක්ෂක මනස නොදැනීම කතාතේමාව වෙත තල්ලු කර දමන්නකි.
බර්නාඩාගේ දුවරුන් සිය මවගේ තහන්චියෙන් මිදී ගෙයින් එළියට යාමට ඇති ආශාව රංග පුරා දිවෙන නමුත් ගෙයින් පිටත ලෝකය ගෙතුලට ඒමට දරණ උත්සාහය ප්‍රේක්ෂක සිත් තුල ඇතිකිරිමට අශ්වයන් කුලප්පු හඩතැලීම හා උන් නිවසේ බිත්තිවලට පහර දීම් යොදාගැනීමට කතාකරු තීක්ෂණ වී ඇත.


මෙම රංග  මිශ්‍ර නාට්‍ය  සම්ප්‍රධායට ය්යි හැඑගී ගිය නමුදු නාට්‍යධර්මී ලක්ෂණ වැඩි වශයෙන් දකින්නට ලැබේ. බර්නාඩාගේ තාත්විකත්වර ඉක්මවාගිය පෞරුෂයත්, කතාවස්තුවහි ගලායාම සදහා නොව එහි අර්ථ නිරූපණ ඉස්මතු වන සේ වන සිද්ධි පෙළ ගැසීමත් තුලිනි එය සහතික කර ගත හැකිය.

ප්‍රේක්ෂකයා තුල තාවකාලික සන්තර්පණයක් ඇති කිරීමට නාට්‍ය රචකයා උත්සාහගෙන ඇතිබවක් ..............පුරාවට දක්නට නොලැබෙන අතර නාට්‍ය කළාවේ එන මූලික සිද්ධාන්තයන් ඉස්මතු කිරීම තුලින් ප්‍රේක්ෂකයා වේදිකාවට බැද තබා ගැනීම මෙහි විශේෂත්වයකි. මෙම පදනම නාට්‍යකරු සිතාමතා සිදුකලේදැයි නිගමනය කිරීම පහසු නොවන්නේ, මින් දශක හතකට පමණ පෙර මෙහි පිටපත ලියවෙන කාලයේ තාත්වික නාට්‍යකරණය එතරම් ප්‍රචලිත නොවීතිබූ බැවිනි. 


කහ පසුබිමේ කලු පැහැති පැල්ලම් සහිත ස්වාභාවයක් ගන්නා වේදිකා පසුතලය සහ කලුපැහැති  ඇදුම් භාවිතය නොදැනීම ප්‍රෙක්ෂකය සිතතුල නොසන්සුන් බව ඇතිකිරීමට රඔගය පුරා දුවන කලබලකාරී ස්වාභාවයට රුකුල් දෙන්නක්ම විය.